ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්, පි.බී.ඒකනායක මහතා පත් කළේය.
පෙර පුවත
නව ජනපති වැඩ භාර ගැනීම අදයි (9 am)
මෙරට හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරි ඇරඹීමට නියමිතය. ඒ, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18) ඓතිහාසික අනුරාධපුර,රුවන්වැලි සෑ රඳුන් අභියස දී ජනාධිපති ධූරයේ දිවුරුම් දීම සිදු කළේ ය.
මේ අතර ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්, පි.බී.ඒකනායක මහතා පත් කෙරෙන බව වාර්තා වේ