8 September 2024
#දේශීය #පුවත්

ජනපති ධුර කාලය ගැන පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සදහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලට විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස් තුරෙයිරාජා යන විනිසුරුවරුන් අයත් වෙයි.

ව්‍යාපාරිකයෙකු වන සී.ඩී ලෙනව යන අය ඉදිරිපත් කළ මෙම පෙත්සම සළකා බැලීම සදහා ලබන 08 වනදා කැඳවීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *