8 September 2024
#දේශීය #පුවත්

ජනපති රනිල් තනිවම රට පාලනය කරන සැලැස්මක් ගැන උදයංග හෙලි කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට පාලනය සිය අයිතියට ගෙන ඉදිරියේදී කටයුතු කරනු ඇති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. ඒ මහතා අද (30) දෙරණ නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවේදී පවසා සිටියේ ඉදිරියේදී ජනාධිපතිවරණයට දින ආසන්න කාලයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට වත්මන් ජනාධිපතිවරයා සැලසුම් කරන බවයි.

ඒ අනුව රටේ ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි තත්ත්වයක් ඇති වනු ඇති බවත් රටේ පාලනය ජනාධිපතිවරයා සතුව පවතින බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් උදංයග වීරතුංග මහතා පවසා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා මීට මාස තුනකට පෙර ජනාධිපති රනිල්ට තනිවම මේ රට පාලනය කල හැකි යැයි පැවසීම මෙහි ක්‍රියාවලියේ යම් සැලසුමක් සම්බන්ධයව බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *