ජනාධිපති ධුරය සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්දැකිම් හා ක්‍රියා කාරිත්වයට මෙන්ම පාලන හැකියාව ඇති පුද්ගලයකු ශ්‍රි ලංකාව තුල තවත් නොමැති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 24 වනදා ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවැති යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පීඨ පුහුණු හා පරේෂණ ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයේදිය.
එමෙන්ම ජනාධිපති ධුරය ලබා ගැනිම සදහා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දිය යුතු බව තමන් නිරන්තරයෙන් පවසන බව හෙතෙම කියා සිටියේය.
රටේ දැනට පවතින ආර්ථික අර්බුද කාරි තත්වය හමුවේ සහ විශාල අස්ථාවර බව හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම ජනාධිපතිවරයා වශයෙන් පත්විය යුතු බව තමාගේ අදහස බව පැවසු අමාත්‍යවරයා රටේ ජනතාවගේ අදහසද එසේම විය යුතුයැයිද පැවසිය.
රට තුල දැනට රනිල් වික්‍රමසිංහ මහතාට සම කල හැකි පුද්ගලයකු නොමැති අතර එතුමා මේ රට ගොඩනැගිමට නොහැකිව අසිරු තත්වයේ තිබියදි කිසිදු නායකයකු රට භාර ගැනිමට අකමැතිව සිටි අවධියේ රට භාරගනිමින් නැවත ගොඩනැගිමට නිර්භිතව ඉදිරිපත් වු බවද ප්‍රකාශ කලේය.
බ්රේක් ඩවුන් වි තිබු වාහනයක් ලෙස රට අක්රියතත්වයට පත්ව තිබියද එතුමා ඉතා කුඩා කාලයක් තුල එම වාහනය යතාතත්වයට පත්කර රට මුළු මනින්ම සංවර්ධන මාවතකට යොමු කල බවත් එම නිසා එතුමා තව කලක් ජනාධිපති වි සිටිනම් අපරට මුහුණ පා සිටින සියලු දෛයිනික ගැටලු වලට පමණක් නොව උතුරේ පවතින සුවිශේෂ වු ජාතික ප්‍රශ්ණය සදහාද දේශපාලන විසදුමක් ලබා දෙන බව තමන්ට විශ්වාස බවද පැවසිය.එලඹේන ජනාධිපති වරණයේදි දෙමළ ජනතාව ප්‍රබල කොටස් කරුවන් විය යුතු යැයිද .ඒ සදහා අපේ දමිල ජනතාව ක්‍රියා කාරිව මැදිහත් විය යුතු බවද අමාත්‍යවරයා පැවසිය.