මදුරෝ අධිකරණය හමුවට
අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් පසු අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී තමන්ට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සහ අවි ජාවාරම් ඇතුළු සියලු චෝදනා මදුරෝ ප්‍රතික්ෂේප කළ අතර, තමන්ව පැහැරගත් බවත් තමන් නිර්දෝෂී බවත් අධිකරණය හමුවේ පැවසීය. නඩු විභාගය මාර්තු 17 දක්වා කල් තැබුණු අතර ඔවුන්ව යළි රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණි.
වෙනිසියුලාවේ වත්මන් තත්ත්වය
මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් අන්තර්වාර ජනාධිපති ලෙස පත්ව ඇත. ඇය අමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපති ට්‍රම්ප් ඇයට අනතුරු අඟවා ඇත්තේ වැරදි තීරණ ගතහොත් දැඩි ප්‍රතිඵල විඳීමට සිදුවන බවයි.
ජනාධිපති මන්දිරය අසල වෙඩි තැබීම්
පසුගිය 05 වැනිදා රාත්‍රියේ මධ්‍යම කැරකස් හි පිහිටි ජනාධිපති මන්දිරයට ඉහළින් හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමත් සමඟ ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීම් සිදු කර ඇත. මේ හේතුවෙන් මන්දිරය අවට දැඩි නොසන්සුන්කාරී සහ අනාරක්ෂිත තත්ත්වයක් වර්ධනය වී තිබේ.














