ජනාධිපති මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක් වටිනා භාණ්ඩ රැසක් අස්ථානගත වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඊයේ (ජන. 8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන සිදු කරන බව ත් එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා බවට එම දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.
මීට අදාළව එහි ප්‍රසම්පාදන නිලධාරිවරයාගෙන් මේ වන වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇති බව ත් එම භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
එසේ අස්ථානගත වී ඇති භාණ්ඩ මොනවාද යන්න පිළිබඳවද සොයා බැලීම සඳහාද විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත් ඊට අදාළ ලැයිස්තුවක්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ත් විමර්ශන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට ත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවැසූහ.