ජාතික ජන බවේගයෙන් තරග වැදි අනුර කුමාර දිසානායක මහතා ෙඑතිහාසික ජයක් ලබා ගනිමින් මෙරටේ 10 වෙන ජනාධිපති ධුරයට පාත්‍ර වුවා.
2024 සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයේ වැඩි ඡන්ද 5,634,915 කින් ජයග්‍රහණය කලා.
අවුරුද්දකින් පස්සේ මැතිවරණ පොරොන්දුවලට සිදුව ඇති දේ
ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 15ක් ඇසුරින්
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ කලත්‍රයන්ට දී ඇඟි විශ්‍රාම වැටුප්, විශේෂ දීමනා හා වරප්‍රසාද අහෝසි කිරීම – ඉටු කර ඇත
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පත් කිරීම – තවම ඉටු කර නොමැත
විද්‍යාත්මකව වෙන් කරන ලද අමාත්‍යංශ 25 කට ඇමතිවරුන් 25 ක් සහ අනුරූපී නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම – අමාත්‍යාංශ 21 ක් සඳහා කැබිනට් අමාත්‍යවරු 21 ක් හා නියෝජ්‍ය ඇමතිවරු 29ක් පත් කර ඇත
රැකියා සඳහා රටින් පිටත සංක්‍රමණික පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම – කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රට තුළ මත් ද්‍රව්‍ය හා පාතාලය මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම – ආරම්භ කර තිබේ
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතසංශෝධනය කිරීම – තවම ඉටු කර නොමැත
මහජන නියෝජිතයන් නැවත කැඳවීමේ බලය ජනතාවට ලබා දීම – තවම ඉටු කර නොමැත
ප්‍රජා ශක්ති ජාතික සමාජ ආරක්ෂණ අරමුදලක් ආරම්භ කිරීම – ඉටු කර ඇත
පුද්ගලයන් සඳහා වාර්ෂික බදු නිදහස් සීමාව රු. ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීම – බදු නිදහස් සීමාව රු. ලක්ෂ 18 දක්වා පමණක් වැඩි කර තිබේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම – කැබිනට් අනුමැතිය හිමිව තිබේ
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම – තවම ඉටු කර නොමැත
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම – තවම ඉටු කර නොමැත
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු සියලු පීඩාකාරී පනත් අහෝසි කිරීම – තවම ඉටු කර නොමැත
කල් තබා ඇති පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වසරක් තුළ පැවැත්වීම – පළාත් පාලන මැතිවරණය පැවැත්වීය/ පළාත් සභා මැතිවරණය පවත්වා නැත
කඳුකර දෙමළ ප්‍රජාවගේ වැටුප් ජීවන වියදමට සරිලන ලෙස ඉහළ දැමීම – තවම ඉටු කර නොමැන
2019.04.21 දින පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ නිර්දේශයන්ට අනුව අදාළ දේශපාලනඥයින්ට සහ නිලධාරීන්ට එරෙහිව කඩිනම් නීතිමය පියවර ගැනීම – තවම ඉටු කර නොමැන