ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් පර්යන්තයේ පැවති උත්සවයකදී , ගුවන් තොටුපොළ නිලධාරීන් වෙත අද (29) දහවල් භාර දීම සිදු කෙරුණි .
මෙම පරිත්‍යාග අතර ගිලන් රථ , කසළ ප්‍රවාහන ට්‍රක් රථ , ස්වයංක්‍රීය පැටවීම සිදු කළ හැකි කසළ බදුන් , නවතම සී.- 2 තාක්ෂණයෙන් යුතු ගුවන් මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Scanners), ගුවන් භාණ්ඩ පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Baggage Scanners), වැසිකිළි පද්ධති, වෛද්‍ය උපකරණ, ආගමන විගමන නිලධාරීන් සදහා විද්‍යුත් ආගමන විගමන කවුළු සදහා අවශ්‍ය උපකරණ ( Electronic Gate), ගුවන් මගීන්ගේ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Passport Scanners) සහ ගුවන් තොටුපොළ විවිධ ස්ථාන වල තොරතුරු ප්‍රදර්ශනය කිරීම සදහා භාවිතා කරන ඩිජිටල් පුවරු ද ඒ අතර විය .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කමොෂිඩා නවොඅකි , ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන්ත කුළසේකර , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම ,කටුනායක ගුවන් තොටුපොළ තොරතුරු තාක්ෂණික අංශ ප්‍රධානී උදය ලොකුආරච්චි , ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී අරුණ රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විශාල සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් , මෙම අවස්ථාවට පැමිණ සහභාගී වී සිටියහ .
මෙසේ ලබා දුන් ආධාර වලින් කොටසක් මාළදිවයින , සහ කොළඹ වරාය වෙත ද ලබා දීමට නියමිතය .