• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපානයේ භූකම්පාවෙන් ලංකාවට වෙන දේ ?

2 April 2025
in දේශීය, පුවත්
ජපානයේ භූකම්පාවෙන් ලංකාවට වෙන දේ ?
0
SHARES
419
VIEWS
Share on FacebookShare on Twitter

ජපානයේ ශාන්තිකර පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව සිදුවිය හැකි දැවැන්ත භූමිකම්පාවක් හේතුවෙන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට ජීවිත අහිමි විය හැකි බව ජපානය අනතුරු ඇඟවීය.

විශ්ලේෂකයන් පිරිසක් සිදු කළ පුරෝකතනයකින් පෙන්වා දෙන්නේ, මෙම භූමිකම්පාව හේතුවෙන් ජපානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් ආසන්න වශයෙන් අඩකට හානි සිදුවිය හැකි බවයි. මියන්මාරයේ භූමිකම්පාවකින් දහස් ගණනකට ජීවිත අහිමි වී, තවත් බොහෝ දෙනෙකුට නිවාස අහිමි වූ සිදුවීමේ බලපෑම තවමත් අවසන් නොවූ අතර, ඊටත් වඩා බරපතල භූමිකම්පාවක් පිළිබඳ ජපානය පසුගිය සඳුදා අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කළ අධ්‍යයනයක වාර්තාවක් මඟින් මෙම අනතුරු ඇඟවීම සිදු කෙරුණු අතර, එම වාර්තාව පසුගියදා ජපාන රජයේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී. එහිදී මෙම දරුණු භූමිකම්පාව පිළිබඳ බොහෝ අනාවැකි ඉදිරිපත් කර තිබේ. වාර්තාවට අනුව, ජපානයට කිලෝමීටර් 700ක් දකුණින් පිහිටි ශාන්තිකර පැසිෆික් මුහුදු කලාපයේ නන්කායි භූ තැටිය ආශ්‍රිතව මෙම භූමිකම්පාව සිදුවිය හැකිය.
ටෝකියෝ සහ ඔසාකා වැනි ජනාකීර්ණ නගර ඇතුළු නගර 764කට මෙම භූමිකම්පාවේ සෘජු බලපෑමක් එල්ල විය හැකි අතර, වැඩිම මරණ සංඛ්‍යාවක් ෂිසුඕකා ප්‍රාන්තයෙන් වාර්තා විය හැකි බවත් ඔවුන් සඳහන් කරයි. එම ප්‍රාන්තයෙන් පමණක් 100,000කට අධික මරණ සංඛ්‍යාවක් ඇස්තමේන්තු කර ඇත. නගෝයා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆුකුවා නොබුවෝ මෙසේ පැවසීය:

“ජනතාව තම ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා දැනුවත් විය යුතුයි. රජය විසින් ජනතාවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දිය යුතුයි. භූමිකම්පාවලට ඔරොත්තු දෙන ලෙස නිවාස ඉදිකිරීම සහ ඉවත්වීමේ කටයුතු නිසි ලෙස සිදු කිරීමටත් රජය පියවර ගත යුතුයි.” මෙම භූමිකම්පාව හේතුවෙන් ජපාන ආර්ථිකයට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.81ක අලාභයක් සිදුවිය හැකි බවත්, එය දළ දේශීය නිෂ්පාදනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් බවත් පර්යේෂකයෝ පුරෝකතනය කරති.

කිලෝමීටර් 900ක් දිගැති එම සාගර අගලේ රික්ටර් මාපකයේ 8 සිට 9 දක්වා ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇතිවිය හැකි බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි සුනාමි තත්ත්වය සහ ගොඩනැගිලි කඩාවැටීම් හේතුවෙන් රටවල් කිහිපයකට දැවැන්ත හානියක් සිදුවිය හැකි බවත් එහි සඳහන් වේ. පර්යේෂකයන් අනතුරු ඇඟවූයේ, ජපානය කේන්ද්‍ර කරගත් මෙම දැවැන්ත භූමිකම්පාව රික්ටර් මාපකයේ ඒකක 9ක ප්‍රබලත්වයකින් යුක්ත වුවහොත්, ජපාන ජනගහනයෙන් ලක්ෂ දහයකට වැඩි පිරිසකට ඔවුන් සිටින ස්ථානවලින් ඉවත් වීමට සිදුවන බවයි. එසේම, මෙම භූමිකම්පාවෙන් ගොඩනැගිලි කඩාවැටීම් සහ සුනාමි තත්ත්වය හේතුවෙන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වීමේ අවදානමක් පවතින අතර, තවත් 950,000කට පමණ තුවාල සිදුවිය හැකි බවත්, නිවාස ලක්ෂ 25කට ආසන්න ප්‍රමාණයක් විනාශ විය හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.
වසර 100ත් 150ත් අතර කාලයකට වරක් මෙවැනි දැවැන්ත භූමිකම්පාවක් සිදුවන අතර, ඉදිරි වසර 30 තුළ එය ඕනෑම මොහොතක සිදුවිය හැකි බව ජපානය අනතුරු ඇඟවයි. කෙසේ වුවත්, මෙවැනි භූමිකම්පාවක් සිදු වුවහොත් ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් ඇති නොවන බව භූ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

  • ගගන

Post Views: 446
Previous Post

සහල් ආනයනයට තවදුරටත් අවධානය

Next Post

කිරී, සම්බා උග‍්‍ර හිගයක්- මිලදී ගන්න පුලුවන් හිතවත් අයට පමණයි

Editor TTV News

Editor TTV News

Next Post
කිරී, සම්බා උග‍්‍ර හිගයක්- මිලදී ගන්න පුලුවන් හිතවත් අයට පමණයි

කිරී, සම්බා උග‍්‍ර හිගයක්- මිලදී ගන්න පුලුවන් හිතවත් අයට පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

14 January 2026
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

14 January 2026
රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත විදුහල් භූමියේ දෙවැනි ලෝක යුද සමයේ පතොරම් තොගයක්

රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත විදුහල් භූමියේ දෙවැනි ලෝක යුද සමයේ පතොරම් තොගයක්

14 January 2026
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස  නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ      

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ    

14 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

14 January 2026
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

14 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved