ජපානයේ නව රජයක් තෝරා පත් කර ගැනීම සඳහා වන මහ මැතිවරණය අද (08) පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවර මැතිවරණයේදී ජපාන ඡන්දදායකයින් මිලියන 103ක් පමණ සිය ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 44,000කට අධික සංඛ්‍යාවකදී ඡන්ද විමසීම පැවැත්වේ.
නවතම මත විමසුම් දත්තවලට අනුව, වත්මන් අගමැතිනි සනයි තකයිචි (Sanae Takaichi) මැතිවරණ සටනේ පෙරමුණේ පසුවෙයි. ඇය නියෝජනය කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) සහ ජපාන නවෝත්පාදන පක්ෂය (Japan Innovation Party) එක්ව පිහිටුවා ඇති සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි කර ගැනීමට හැකි වනු ඇති බවට දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති.














