අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා තිබූ ජල පොම්පාගාර 343කින් 156කට අර්ධ හෝ සම්පූර්ණ හානි ඇතිව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසුවේ, මේ වනවිට හානිවූ ජල පොම්පාගාර 126ක් යතා තත්ත්වයට පත්කර ඇති බවයි. තවත් පොම්පාගාර 30ක් ද සකස්කරමින් පවතින අතර, මීවතුර ජල පොම්පාගාරය අද දිනයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් පවසනවා.
එය ක්‍රියාත්මක වීමත් සමඟ පිළිමතලාව සහ ගෙලිඔය ප්‍රදේශවලට ජල සැපයුම ලබාදිය හැකි වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
මේ අතර මහනුවර ජල සම්පාදන ක්‍රියාවලිය ද නැවත ආරම්භ කර ඇති බවත්, නමුත් නගර සීමාවට ජලය අර්ධ පරිමාණයෙන් පමණක් ලබාදෙන බවත් පැහැදිලි කර සිටියා.
මහනුවර සහ පේරාදෙණිය රෝහල්වලට පූර්ණ ජල සැපයුම ලබාදීමට අවශ්‍ය කටයුතු ද සම්පූර්ණ කර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ.
කටුගස්තොට ජල පොම්පාගාරය නැවත ක්‍රියාත්මක කිරීමද දැනට ආරම්භ වී ඇති අතර, ඉදිරි දිනවල ගැලපුම් කටයුතු අවසන් කළ පසු දිවයිනේ ජල සැපයුම 100%ක් ලෙස සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තමාගේ මණ්ඩලය බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කළා.













