කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට ඉන්දියාවේ සහය
සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩමවීමටත් සාකච්ඡා
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් මහතා අතර හමුවක් ඊයේ (09) පවත්වා තිබේ.
මෙහිදී ගුජරාට් ප්‍රාන්තයේ වේගවත් කාර්මික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක සහ ඇඟලුම් ක්ෂේත්‍ර නංවාලීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනුණි. විශේෂයෙන්ම ගුජරාට් ප්‍රාන්තයේ මැදිහත්වීමෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩමවීමට සහය වීම පිළිබඳව ටිල්වින් සිල්වා මහතා සිය ස්තුතිය පළ කළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ්, කරුණාතිලන් ඉලන්කුමරන් සහ නීතිඥ ජානක අධිකාරි ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම සංචාරය අතරතුර කේරළ ප්‍රාන්තයේ සහ නවදිල්ලියේ ද විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.














