• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ජන බලවේගය නාම යෝජනා අත්සන් තැබීම අවසන්

10 October 2024
in දේශීය, පුවත්
ජාතික ජන බලවේගය නාම යෝජනා අත්සන් තැබීම අවසන්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගය   දිස්ත්‍රික් 22 සඳහාම අපේක්ෂකයන්ගේ නාමයෝජනා අත්සන් තැබීම අවසන් කර තිබේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී තිබේ. ගියවර මහ මැතිවරණයේදී හරිනි අමරසූරිය ඉදිරිපත් වූයේ ජාතික ලැයිස්තුවෙනි. අමාත්‍ය විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇත.

මෙවර මැතිවරණය සඳහා විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙන බවත්, ජාතික ජන බලවේගයට බහුතර බලයකින් යුත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවීමට හැකි බවත්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ජයග්‍රහණය තහවුරු බවත්, අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම සහ පාර්ලිමේන්තුවේ නීති සම්පාදන කටයුතු සඳහා සුදුසුකම් ඇති පිරිසක් මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන කණ්ඩායම පිළිබඳව වගකීම භාර ගන්නා බවත්, ජනතාවට විශ්වාසයෙන් මනාපය ලබා දිය හැකි කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු කීවේය. කාන්තා, තරුණ, සිංහල, දමිළ, මුස්ලිම් හා විවිධ වෘත්තීයවේදීන්, දේශපාලන අත්දැකීම් ඇති අය මැතිවරණයට ඉදිරිපත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ මහතා පැවසුවේ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවයි. එමෙන්ම ඔහු සඳහන් කළේ, අත්සන් තබන ලද නාමයෝජනා පත්‍ර අද (10දා) සහ හෙට (11දා) දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත භාරදෙන බවයි.

Post Views: 61
Previous Post

ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය

Next Post

ශ්‍රි ලන්කන් වෙත නව සභාපතිවරයෙක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රි ලන්කන් වෙත නව සභාපතිවරයෙක්

ශ්‍රි ලන්කන් වෙත නව සභාපතිවරයෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved