උතුරේ සැමරුම් උත්සව 244 ක් පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය වාර්තා කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ඒ ගැන පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද කීය.
අපට ලැබුණේ ජාතික සමගිය වෙනුවෙන් වන ජනවරමක්.උතුරේ දකුණේ ලාංකිකයන් ජාති භේද ආගම් භේද පසෙක තබා ඒ ජන වරම ලබා දුන්නා.
පසුගිය දිනවල මහා විරූ සැමරුම් පිළිබඳ කතාබහ සමාජයේ නිර්මාණය වුණා.මියගිය ඥාතීන් සිහිපත් කිරීමට අයිතියක් තිබෙන බවට අප පිළිගන්නවා. එහෙත් එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයට අයත් කොඩි ප්‍රදර්ශනය කරමින් සැමරුම් කරන්නට ඉඩක් නැති බවට මා කළ ප්‍රකාශයක් විකෘති කරමින් සාවද්‍ය අර්ථයක් එන ලෙස ප්‍රකාශයට පත්කර තිබුණා.
ඒ ගැන මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා.ඊට විමර්ශන කෙරෙනවා.
උතුරේ සැමරුම් උත්සව 244 ක් පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය පවසනවා.ඒ ගැන පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
උතුරෙහි පැවැත්වෙන සැමරුම් උත්සව පාදක කරගෙන සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන විකෘති ප්රතිචාරයන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා. උතුරේ පැවැත්වූයේ යැයි ඒත්තු ගැන්වෙන අයුරින් පසුගිය වසර වල පැවැත් වූ එල්ටීටීඊ සැමරුම් වල ඡායාරූප උපයෝගී කර ගනිමින් පළ කර තිබුණා.
එම ඡායාරූප අන්තර්ජාලයෙන් බා ගත කර තිබෙනවා.සමහර ඒවා විදේශ විදේශවල පැවැත්වූ උත්සව.දකුණේ සමාජ මාධ්‍ය මෙහෙයවන සංවිධානාත්මක පිරිසක් ජාතීන් අතර අසමඟිය නිර්මාණය වෙන අයුරින් මේ ව්‍යාජ ප්රවෘත්ති නිර්මාණය කර තිබෙනවා.