• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

ජීවිතවල විවිධ වෙනස්කම් දැකගන්නට හැකියාවක් පවතිනවා..

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් එක කතාවක්..

පුද්ගලයෙකු තමන්ගේ ජීවිතයේ උසස් ජීවන තත්ත්වයක් හිමිකර ගැනුමට කැමැතියි.. මේ නිසාම එකී උසස් ජීවන තත්ත්වය අත්පත්කර ගැනුමට මිනිසා උපන් දා සිටම නොනවතින ජීවන අරගලයක යෙදෙනවා.. අධ්‍යාපනය අතින් ඉහළට යමින්ද, ධනයෙන් බලයෙන් ආඪ්‍යවීමට මුදල් රැස් කරමින් ද එකිනෙකා තළා පෙළා දමමින් ඉදිරියට යාමට ද පුද්ගලයා දෙවරක් නොසිතන සමාජයක් අද බිහිව තිබෙනවා..

කෙසේ වෙතත් උත්පත්ති ග්‍රහබලය මත මෙකී උසස් ජීවන තත්ත්ව ළඟාකර ගැනුමට ද පුද්ගලයන් වාසනාවන්ත වෙනවා.. කිසිදු ආකාරයක මහන්සියකින් තොරව උත්පත්ති ග්‍රහබලයේ බලවත් බව අනුව මෙකී උසස් ජීවන තත්ත්ව ළඟා කර ගන්නා ජන්මින් අපට හමුවෙනවා.. විශේෂයෙන්ම රජයේ විවිධ උසස් තනතුරු දරමින් රටට සේවය කරන්නට වාසනාව ලද මෙවැනි ජන්මීන්ගේ කේන්දරවල යෙදෙන ග්‍රහ පිහිටීම් මත ඔවුන් ලබන රාජ වරප්‍රසාද පිළිබඳ කරුණු කාරණා සඳහන් වී තිබෙන බව පෙනෙනවා.. රාජ්‍ය සම්බන්ධ උසස් වරප්‍රසාද භුක්ති විඳි මට හිමිවන ග්‍රහයෝග පිළිබඳ මෙවර කතා බහ කරනවා..

රාජ යෝගවලදී යම් යම් පුද්ගලයන් උසස්ම වරප්‍රසාද ලැබීම, ඉහළ මට්ටමේ පාලන තනතුරු, පාලක තනතුරු, මැති ඇමැති තනතුරු ආදී රාජයෝග බලයෙන් අනූන යම් යම් වරප්‍රසාද ලබනු ඇති අතර, මීට පරිබාහිරව යම් යම් පුද්ගලයන් රාජ්‍යය සම්බන්ධ යෝගවලින්ද යුක්ත වෙනවා.. එවැන්නෝ පාලකයන් සමඟ සම්බන්ධවීම, මැති ඇමැතිවරුන් ආදීන්ගේ ලේකම්වරු නැතහොත් උපදේශකවරු ඊට සම්බන්ධ ආයතන ප්‍රධානීන් හෝ එම රාජ්‍ය සම්බන්ධය නිසා ඉහළ මට්ටමේ වගකීම් දරන අය බවට පත්විය හැකියි… යම් යම් සංස්ථා මණ්ඩලවල සභාපති, සාමාන්‍යාධිකාරි, අධ්‍යක්ෂ ජනරාල් වැනි තනතුරු ලැබීමට ද මේ පිහිටීම් හේතු වෙනවා…

රාජ්‍ය සම්බන්ධ යෝග මත එවැනි තනතුරු හා වරප්‍රසාද ලැබෙන බව කිව යුතුයි… මේ ආකාරයට ග්‍රහයන් පිහිටීමෙන් එකී යෝග ජන්මින්ට යෙදෙනවා..

1. දහවැන්න අධිපතියා චර ආත්ම කාරකයා සමඟ සම්බන්ධ ද නැතහොත් දෘෂ්ටියෙන් යුක්ත ද එසේත් නැතහොත් චර අමාත්‍යකාරකයා සිටින රාශි අධිපතියා සමඟ සම්බන්ධ ද එවැන්නෝ, රජුගේ හෝ රාජ්‍යමය ආයතනවල ඉහළ මට්ටමේ තනතුරු ලබන්නෝ විය හැකියි…

2. 11 වැන්නාධිපතියා 11 වැන්න දකී ද එහි පාපියෝ නොමැතිද එමෙන්ම 10 වැන්නට දෘෂ්ටිය හෙළන්නේ ද ඔවුහු රාජ්‍යමය අංශයට සම්බන්ධ ඉහළම තනතුරු ලබන උසස් නිලධාරීන් විය හැකිය. අග්‍රාමාත්‍ය ලේකම්, ජනාධිපති ලේකම් තනතුරු ලැබීමට මේ ග්‍රහයෝග හේතුවෙනවා..

3. චර ආත්මකාරකයා සහ චර අමාත්‍යකාරකයා එකට එක්වී සිටියිද පුද්ගලයා ඉතා ඥානවන්ත අයකු වන අතර ඔහුට ඇමැතිවරයෙක් වීමට ද අවකාශ පවතිනවා…

4. චර අමාත්‍යකාරකයා ඉතාමත් බලවත් ද ඔහු ඔහුගේම රාශියේ හෝ උච්ච රාශියේ වේ ද එම ජන්මියා ඇමැතිවරයකු වීමට අවකාශ ඇත..

5. අමාත්‍ය කාරකයා නොහොත් 2 වැනි තැනට වැඩිම අංශක ගණනින් යුත් ග්‍රහයා ලග්නයෙන් ත්‍රිකෝණයේ වේද ඔහු ප්‍රසිද්ධ අමාත්‍යවරයකු විය හැකියි…

6. අමාත්‍යකාරකයා ආත්ම කාරකයාගෙන් කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක වේද පුද්ගලයා රජු සමඟ සම්බන්ධකම් ඇති නැතහොත් රජුගේ ඇසුර ලබන්නෙක්..

7. කේන්ද්‍රයේ 3, 6 ආදී ස්ථානවල පාපියෝ වේද ඔවුන් මෙසේ සිටිනුයේ ලග්නයෙන් නොවේ නම් ආරූඪ ලග්නය වුව ද කම් නැහැ… එසේ නැතහොත්, ආත්මකාරකගෙන් 3, 6 වුවත් මෙය බලවත් පිහිටීමක් ලෙස සැලකේ. එවැන්නෝ හමුදාවේ, පොලීසියේ ඉහළ තනතුරු දරනවා…

8. චර ආත්මකාරකයා තමාගේම හෝ උච්ච රාශියේ වෙමින් කේන්ද්‍රස්ථානයක වේද එසේ නැතහොත්, ත්‍රිකෝණස්ථානයක වේද 9 වැන්න අධිපතියා ඊට සම්බන්ධ වේද පුද්ගලයා ඉහළ මට්ටමේ ඇමැති තනතුරක් දරනවා..

9. ආත්ම කාරකයා චන්ද්‍රයා සිටින රාශි අධිපතියා වේද ඔහු ලග්නයෙහි සුබයෙක් සමඟ වේද එසේ වුවොත් ඔහු ජීවිතයේ අගභාගයේ දී ඇමැති තනතුරක් දරන්නෙකු විය හැකියි…

10. ආත්මකාරකයා 5, 7, 9, හෝ 10 සිටිත් ද එය සිටිනුයේ සුබයන් සමඟ ද එම ජන්මියා රවි සමඟ සම්බන්ධතාවන් දක්වන අතර රාජ්‍යමය කටයුතු පදනම් කරගෙන ධනය උපයා ගන්නවා.. මෙහි රජු යන්න රාජ්‍ය පාලකයා ලෙස යොදා ගත්ත ද කම් නැහැ…

11. 9 වැන්නෙහි ආරූඪ පදය හෙවත් භාග්‍යය පදය ලග්නයට පතිතවේද එසේත් නැතහොත් ආත්මකාරකයා ලග්නයේ වේද එම ජන්මියා රාජ්‍ය පාලකයා හෝ රජු සමඟ සම්බන්ධ වීමේ වාසනාවෙන් යුක්තයි…

12. 11 වැන්නාධිපතියා 11 වැන්නේ පාප සංයෝගවලින් තොරව සිටීද ආත්ම කාරකයා සුබයන් සමඟ වේද ජන්මියා රාජ්‍යමය සම්බන්ධතාවයන් මත ඉහළ මට්ටමේ වරප්‍රසාද සහිත ධනයක් ලබන්නේ ය.

13. සඳු හා සිකුරු ආත්මකාරකගෙන් 4 වැනි රාශියේ සිටියි ද ඔහු රාජ්‍ය ලාංඡනය හෙවත් ඊට සම්බන්ධ පලඳනාවන්ගෙන් යුක්ත අයකි. එය නිල පලඳනාවකි.

14. ලග්නාධිපති හෝ ආත්මකාරකයා පස්වැන්නාධිපතියා සමඟ කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක සම්බන්ධවේද එම පුද්ගලයා රජු සමඟ හෝ රාජ්‍ය පාලකයා සමඟ දැඩි සම්බන්ධතාවන් ඇති අයකු වේ.

මේ ආකාරයට රාජ්‍ය යෝග එනම් රාජ්‍ය අංශයේ වරප්‍රසාද, ඉහළ තනතුරු, රැකියා යනාදී ලෙස විවිධ ධනය ඉපැයිය හැකි තත්ත්ව මෙකී ග්‍රහ සංයෝග, දෘෂ්ටි අනුව ජන්මීන්ට යෙදෙන බව පැහැදිලි කර ගත යුතුයි..

සුබසෙත පුවත්පත ඇසුරෙන්..

Post Views: 12
Previous Post

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

Next Post

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

Editor TTV News

Editor TTV News

Next Post
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved