මිනිස් සංහතිය ලෙස අප විසින් තිත තැබීම මග හැරපු ඛේදවාචක…
එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සලය ඉදිරියේ ඇමරිකානු වෛද්‍ය ෆෙරෝස් සිද්වාගේ සාක්‍ෂි ප්‍රකාශය
මම වෛද්‍ය ෆෙරෝස් සිද්වා.
කම්පනය හා දැඩි සත්කාරය පිළිබඳව ඇමෙරිකානු ශල්‍ය වෛද්‍යවරයෙක්.
මා මෙහි සිටින්නේ නීති සම්පාදකයෙකු හෝ දේශපාලකයෙකු ලෙස නෙවෙයි.
මා වෛද්‍යවරයෙකු ලෙස මෙහිදී සාක්ෂි දරනවා.
හිතා මතා සෞඛ්‍ය පද්ධතියක් විනාශ කිරීම ගැන;
මගේ සගයන් ඉලක්ක කිරීම ගැන;
ඒ වගේම, ජන කොටසක් මකා දැමීම පිළිබඳව.
ගාසා හි සති පහක කාලය තුළ මා කිසිදු සටන්කරුවකුට ප්‍රතිකාර කලේ නෑ.
මා ප්‍රතිකාර කළේ හදවත් පසාරු වූ හා මොලයට වෙඩි උණ්ඩ ඇතුළු වූ දරුවන්ටයි;
ගර්භාෂය තුළදීම කලල් විනාශ වූ ගර්භනී කාන්තාවන්ටයි.
ගාසා හී දරුවන්ගෙන් අඩකට පමණ ජීවිතාශාවක් නෑ…
මාගේ මව, පියා, නැතිනම් සොයුරිය සමගම මමත් මියගියේ නැත්තේ ඇයි?
ඔවුන් නගන ප්‍රශ්නයයි.
ඒ අන්තවාදය නිසා නෙවෙයි; දරාගත නොහැකි ශෝකය නිසායි.
Viraj Pandithasekera පළ කල facebook වීඩියෝව ඇසුරිණි.