දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුර සිදුව තිබෙන්නේ පැල්මඩුල්ල – නෝනාගම මාර්ගයේ කොස්වැටිය ප්‍රදේශයේ දීයි
මාර්ගය අයිනේ නවතා තිබු ලොරි රථයක ගැටීමෙන් සිදුවු මෙම අනතුරිිින් 24 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ අල්පිටිය ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිව අයෙක්.
ශ්‍රී පුර – සිංහපුර මාර්ගයේ පයින වංගුව අසල දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු පැදිකරු සහ පසුපැදිකරු දෙදෙනා ශ්‍රී පුර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු වන අතර තුවාල ලැබූවන් 16 සහ 17 හැවිරිදි අය වන බව පොලීසිය පවසනවා.
මේ අතර මහනුවර අප්ලන්ඩ් ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු මියගොස් තිබෙනව අතර මියගොස් ඇත්තේ 64 හැවිරිදි අංකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙ.