ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජන. 9) මාස 9ක ලිහිල් සිර දඬුවමක් සහ රුපියල් 1,500ක දඩයක් නියම කර තිබේ.
මෙම තීන්දුව ලබා දී ඈත්තේ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසිනි.
2016 වසරේ ජූලි මස 16 වන දා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ආගම් අතර සංහිඳියාව උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කරන ලදී.