අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කර ඇති තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා ඇත.
මෑන්හැටන්හි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති නමුත් ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවයි.
හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නැතැයිද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීන්දු කර ඇත.
මෙම නියෝගයට එරෙහිම ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.