පෙබරවාරි 05 – 2024 සැප්තැම්බර් මාසයේදී එවකට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීමේ වරදට 59 හැවිරිදි රයන් රවුත් (Ryan Routh) නමැත්තාට ඇමරිකානු අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. ෆ්ලොරිඩාහි ගොල්ෆ් ක්‍රීඩාංගණයකදී රයිෆලයක් සමඟ රැකවල් ලා සිටියදී රහස් ඔත්තු සේවා නිලධාරීන්ගේ ඇසට හසුව පලා යාමට උත්සාහ කිරීමේදී ඔහු අත්අඩංගුවට පත් විය. ඔහු සැඟවී සිටි ස්ථානයේ තිබී දුරදක්නයක් සහිත රයිෆලයක් සහ පතරොම් ගැබක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු අයිලීන් කැනන් (Judge Aileen Cannon) සඳහන් කළේ, මාස කිහිපයක් තිස්සේ ජනාධිපති අපේක්ෂකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීම සහ වරදකරු වූ පසුව පවා ඒ පිළිබඳ කිසිදු කණගාටුවක් පළ නොකිරීම හේතුවෙන් මෙම දැඩි දඬුවම නියම කළ බවයි. නඩු විභාගය අතරතුර රයන් රවුත් අසාමාන්‍ය ලෙස හැසිරී ඇති අතර, වරදකරු වූ මොහොතේ පෑනකින් තම ගෙලට ඇන ගැනීමටද උත්සාහ කර තිබේ. ඔහු විසින්ම ලියන ලද ලිපියක මෙය “ඝාතන උත්සාහයක්” ලෙස හඳුන්වා තිබීම ඔහුට එරෙහිව ලැබුණු ප්‍රබලතම සාක්ෂියක් බවට පත් විය.














