ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ආනයනික මෝටර් රථ හා ඒවායේ අමතර කොටස් සඳහා සියයට 25ක නව තීරු බද්දක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම බදු පැනවීම 2025 අප්‍රේල් 02 සිට බලාත්මක වන අතර, විදේශීය වාහන සහ අමතර උපාංග ඇමරිකාවට ආනයනය කිරීම මිල අධික කරනු ඇත.
දේශීය කර්මාන්ත හා රැකියා රට තුළ ප්‍රවර්ධනය කිරීම මෙම බදු පැනවීම හරහා අරමුණ වී ඇති බවත් මෙම තීරණය ඇමරිකානු නිෂ්පාදකයින්, කම්කරුවන් සහ ආර්ථිකය ආරක්ෂා කිරීම උදෙසා ගත් එකක් බව ට්‍රම්ප් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේය.