දිවයින පුරා පවතින සුළං තත්ත්වය ඉහළ යාම හේතුවෙන් වලාකුළු නිර්මාණය වීම සහ ආර්ද්‍රතාවය සීමා වීම නිසා වැසි තත්ත්වය අඩු වී වියළි කාලගුණයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, මාර්තු මස අවසානය දක්වා තද වැසි අපේක්ෂා කළ නොහැකි බවත්, සාමාන්‍ය ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැක්කේ ලබන අප්‍රේල් මස 14 වනදායින් පසුව පමණක් බවත්ය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය පහළ යාමට හේතුව පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා, ටිබෙට් කඳුවැටිය දෙසින් හමා එන සීතල සුළං ධාරා හේතුවෙන් උදෑසන කාලයේ මෙලෙස සිසිල් කාලගුණයක් පවතින බව පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, හෙට (12) සිට ලබන 16 වනදා දක්වා කාලය තුළ නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට සැහැල්ලු වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වේ.














