සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සියලයේ (ICCR) විශේෂ ආරාධනයකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (05) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියහ. මෙම සංචාරය අතරතුර නියෝජිත පිරිස නවදිල්ලියට අමතරව ගුජරාට් සහ කේරළ ප්‍රාන්තවල සංචාරය කිරීමට නියමිත අතර, එහිදී එම ප්‍රාන්තවල මහ ඇමතිවරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇත. ඉන්දියාවේ කෘෂිකාර්මික, කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රවල ප්‍රගතිය අධ්‍යයනය කිරීම සඳහා අදාළ මධ්‍යස්ථාන නැරඹීමට ද මෙම සංචාරයේදී අවස්ථාව වෙන් කර තිබේ.
මෙම නියෝජිත පිරිසට ටිල්වින් සිල්වා මහතාට අමතරව අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණානාදන් ඉලන්කුමරන් සහ කිට්නන් සෙල්වරාජ් මෙන්ම මාධ්‍ය ඒකකයේ සහ ජාත්‍යන්තර කමිටුවේ නියෝජිතයන් පිරිසක් ද ඇතුළත් වෙති. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය තුළ ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන්දියාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














