සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කේරළ ප්‍රාන්ත මහ ඇමති පින්නරායි විජයන් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (11) තිරුවානන්තපුරම්හිදී පැවැත්විණි. මෙහිදී කේරළයේ සාර්ථක සුබසාධන වැඩපිළිවෙළවල්, 100%ක සාක්ෂරතාවය සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.














