අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෑතකදී මිලදී ගත් Rolls-Royce Phantom 8 Series 2 EWB වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථය, රේගු කටයුතු අවසන් කර සිය නිවස වෙත රැගෙන ගොස් තිබේ. මෙය දැනට ශ්‍රී ලංකාවේ පවතින මිල අධිකම සහ නවීනතම මෝටර් රථය ලෙස සැලකේ.
මෙම රථයේ ඇති සුවිශේෂත්වය වන්නේ එය සුප්‍රකට රොල්ස් රොයිස් (Rolls-Royce) සමාගමේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද සීමිත සංඛ්‍යාත මාදිලියක් (Limited Edition) වීමයි. ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරන පරිදි, මෙම සුවිශේෂී මාදිලියෙන් ලොව පුරාම නිෂ්පාදනය කර ඇත්තේ මෝටර් රථ 25ක් පමණක් වන අතර, එයින් එකක් මෙරටට ගෙන්වීමට ඔහු සමත් වී ඇත.














