වරින්වර නිර්මාණය වන වෙළෙඳපොළේ සහල් අර්බුදයට පැවති ආණ්ඩු වගකිව යුතු බවට මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඊයේ (02) කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ කේ.බී. ගුණරත්න පවසයි.
ඔහු අද (03) ප්‍රකාශ කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ මෝල්හිමියන් පස් දෙනෙක් වරින්වර මෙම සහල් අර්බුදය ඇති කරන බවය.
පසුගිය කාලයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කෙරුණු අතර ඇතැම් සහල්වල හිඟයක් පැවතියේය.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඔක්තෝබර් 24 වනදා මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කැඳවා පාලන මිලට සහල් අලෙවි කරන ලෙස දැනුම් දුන් අතර ඔවුන්ද එහිදී ඊට එකඟතාව පළකළේය.
එහෙත් තවමත් වෙළෙඳපොළේ සහල් හිඟය නිමා වී හෝ පාලන මිලට සහල් අලෙවි කිරීම සිදුනොවන බවට වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් චෝදනා කරයි.
මේ අතර වී තොග සහ සහල් තොග පිළිබඳ දත්ත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නියම කොට සතියක් ඉක්ම ගොස් ඇතත් තවමත් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී නොමැති බව වාර්තා වේ.
වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් සඳහන් කළේ වී තොග පිළිබඳ දත්ත වාර්තාව තවමත් සකස් කෙරෙමින් පවතින බවත් එය නොවැම්බර් 6 වනදා ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත බවත් ය.
[aruna]