• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩයනා නිවැරදියැයි කිව්වත් නඩුව අඛණ්ඩව ඉදිරියට

10 January 2025
in දේශීය, පුවත්
ඩයනා නිවැරදියැයි කිව්වත් නඩුව අඛණ්ඩව ඉදිරියට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට ඩයනා ගමගේ මහත්මියගේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතා ඉවත දැමු කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩු විභාගය ඊයේ (09) ආරම්භ කළේය.

සියලු චෝදනාවන්ට තමන් නිවැරදිකාරිය බව ඩයනා ගමගේ මහත්මිය විවෘත අධිකරණයේදී කියා සිටීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ කිරීමට සුදානම් වු අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මියගේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව එය ඉවත දැමු විනිසුරුවරයා නඩුව වාභාග කිරම ආරම්භ කළේය.

2004 ඔක්තෝම්බර් 09 වැනිදාත් 2004 දෙසැම්බර් පළමුවැනිදාත් කාලය තුළ ශ්‍රීලාංකීය පුරවැසියකු නොවන බව දැන දැනම හා සිය නාමය ඩයනා ගමගේ ලෙස නීත්‍යානූකූලව සශෝධන කර නොතිබියදී ඩයනා ගමගේ ලෙස ජාතික හැඳුන්ම්පතක් ලබා ගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු නිළධාරීන් රැවටීම සහ අංක 4685 දරණ උප්පැන්න සහතිකය කූඨ ලෙස සෑදීමට අනුබල දීම ඇතු`ථ චෝදනා යටතේ නීතීපතිවරයා විත්තිකාරියට එරෙහිව චෝදනා නඟා ඇත.

මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පසුගියය අවස්ථාවේ අවසන් කිරීමෙන් පසු නඩුව විභාග කිරීම සඳහා ඊයේ (09) නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියාය.

ඒ අවස්ථාවේදී විත්තිකාරියට එරෙහි චෝදනා කියවා දීමෙන් අනතුරුව එම සිය`ථ චෝදනාවන්ට තමන් නිවැරදිකාරිය බව ඇය විවෘත අධිකරණයේදී කියා සිටියාය.

අධිකරණයේ පෙනී සිටීමට නියම කරමින් නිකුත් කළ සිතාසි වලට අනුව පැමිණිල්ලේ සාක්කකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන්ගේ සාක්කි කැඳවීමට සුදානම් වු අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරන බව දැනුම් දුන්නේය.

තම සේවාදායිකාවට එරෙහි චෝදනාවට පදනම් වී ඇත්තේ 2003 දෙසැම්බර් 11 වැනිදාතමින් යුතුව ඉදිරිපත් කර ඇති අංක 4685 දරණ උප්පැන්න ලේඛණයට යොදා ඇති සටහන බව පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා අදාළ ලේඛණයේ සඳහන් දිනය සමඟ සසදා බැලීමේදී එය වසර 20ක කාලයක් ඉකුත්ව ඇතැයි පෙන්වා දුන්නේය.

වසර 20ක් ඉකුත්ව ඇති ලේඛණයක් පදනම් කර ගනිමින් තම සේවාදායිකාවට එරෙහිව පවරා ඇති මෙම චෝදනා පවරා පවත්ගෙන යෑමට හැකියාවක් නැතැයි කී ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා තම සේවාදායිකාවට එරෙහි චෝදනා ඉවත දමන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරුවරයා චෝදනා සම්බන්ධයෙන් නිගමනය කළ යුත්තේ සාක්කි විමසීමෙන් අනතුරුව යැයි පැවසීය.

පැමිණිල්ලේ සාක්කි විමසීමෙන් අනතුරුව විත්තිකාරියට එරෙහි චෝදනා සනාථ නොවන්නේ නම් ඇය චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය පැකිලෙන්නේ නැති බව අවධාරණය කරමින් විත්තියේ මුලික විරෝධතාවය ඉවත දැමු විනිසුරුවරයා නඩු විභාගය ආරම්භ කිරීමට තීරණය කළේය.

ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නිතිඥ අකිලා දල්පතාදු මහත්මියගේ මෙහෙයවීම යටතේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ විශ්‍රාමිකයකු වන දොන් සුමතිපාල මහතාගේ සාක්ෂි විමසීම ආරම්භ කළේය.

සුමතිපාල මහතාගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 05 වැනිදා තෙක් කල් තැබු විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකාරියට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නිතිඥ අකිලා දල්පතාදු මහත්මිය පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියේය.

[ada]

Post Views: 13
Previous Post

මුහුදේ උපන් කුමරා බේරා ගනිති

Next Post

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්

Editor TTV News

Editor TTV News

Next Post
අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved