• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෑන් ඝාතනයේ තවත් කරුණු එළියට

24 April 2025
in දේශීය, පුවත්
ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
0
SHARES
45
VIEWS
Share on FacebookShare on Twitter

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබේ.

ඔහු පොලීසියට පවසා ඇත්තේ ඩෑන් ප්‍රියසාද් සමග දින කිහිපයකට පෙර හටගත් ගැටුමක් මත මෙම ඝාතනය සිදුකළ බවයි.

අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ කොන්ත්‍රාත් වෙඩික්කරුවන් විසින් වෙඩිතැබීම සිදුකළ බවද සැකකරු අනාවරණ කර ඇත.

ඩෑන් ප්‍රියසාද් සාලමුල්ල නිවාස සංකීර්ණයේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඉකුත් 22වනදා වෙඩිතබා ඝාතනය කෙරුණි.

බරපතළ තුවාල සහිතව රෝහල්ගත කළ ඩෑන් ප්‍රියසාද් එහිදී ජීවිතක්ෂයට පත්විය.

ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ බාල සහෝදරියගේ සැමියා සහ ඔහුගේ පියාටයි.

ඔවුන් ඉකුත් 2022 වසරේ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේද ප්‍රධාන සැකකරුවන් දෙදෙනාය.

ඒ අනුව ඔවුන්ට අධිකරණයෙන් විදෙස්ගමන් තහනමක්ද පනවා තිබී ඇති අතර සැඟව සිටින ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ දක්වා පොලීසියට හැකිවී නොමැත.

එවන් පසුබිමක ඝාතනය සැලසුම් කළ බවට සැකකෙරෙන දුලාන් මධුසංඛ හෙවත් ‘දුලා’ නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැල්ලම්පිටියේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සමග අද (24) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු සැකකාර පියපුතු දෙපළගේ සමීප ඥාතියෙකු වන අතර ඩෑන්ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවූවෙක්ය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, මීට දින හතරකට පෙර තම ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී ඩෑන් එය නවත්වා තමන්ට සහ තවත් අයෙක්ට පහරදුන් බවයි.

පසුව ඒ පිළිබඳව තමන් කොළොන්නාවේ ධනුෂ්ක නැමැත්තාට පැවසීමේදී ඔහු “පොඩ්ඩක් හිටපන්, මම කංජිපානි ඉම්රාන් සම්බන්ධ කරලා දෙන්නම්” යනුවෙන් පවසා ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා කංජිපානි ඉම්රාන් සම්බන්ධ කරදුන් බවද ඔහු පවසා තිබේ.

එහිදී කංජිපානි ඉම්රාන් “වැල්ලම්පිටිය පොලිසියට ගිහින් උඹ පැමිණිල්ලක් දාපන්. පොලීසියට එද්දි ඌට ගහමු” යනුවෙන් උපදෙස් දී ඇත.

එම උපදෙස් අනුව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් සැකකරු පොලිසියට පවසා තිබේ.

අනතුරුව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඩෑන් ප්‍රියසාද්ට පසුගිය 22වනදා එනම් ඝාතනය වූ දින වැල්ලම්පිටිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දුන්නද ඔහු එහි නොපැමිණීම හේතුවෙන් ඝාතන උත්සාහය ව්‍යාර්ථ වී ඇත.

අනතුරුව කංජිපානි ඉම්රාන් නැවතත් තමාට දුරකථන ඇමතුමක් ලබාදී “අරූට ගහන්න එකෙක් මදි. උඹ වරෙන්. ඌ හවස සෙට්වෙනවා” යනුවෙන් පවසා තිබෙනවා.

පසුව සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සැකකරු මෙතෙක් නිසිලෙස පවසා නොමැති බව වාර්තා වේ.

කංජිපානි ඉම්රාන් දිවයිනට ගෙන්වන ලෙසට විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කිරීම සහ ඔහුට එරෙහිව අදහස් පලකිරීම හේතුවෙන් කංජිපානි, ඩෑන් ප්‍රියසාද් සමග වෛරයෙන් පසුවීම හේතුවෙන් ඝාතනය සඳහා ඔහු විසින් වෙඩික්කරුවන් ලබාදී ඇති බවට සැක කරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක්වූයේ එදිනම පස්වරුවේ සිය බිරිඳගේ මහගෙදරට පැමිණ මත්පැන් සාදයක් පවත්වමින් සිටියදීය.

ඒ අනුව පොලිසිය අදාළ නිවසේ පදිංචි කාන්තාවක වන ඩෑන් ප්‍රියසාද්ගේ බිරියගේ සොයුරියකගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.

එහිදී ඇය පවසා ඇත්තේ, තමන්ට අයත් යතුරුපැදියක් එදින ඩෑන් ප්‍රියසාද් මැදිහත්වී විකුණාදීම නිමිත්තෙන් සිය නිවසේ මත්පැන් සාදයක් පැවැත්වූ බවයි.

ඝාතනයට ලක්වීමට පැය 3කට පමණ පෙර එහි පැමිණි ඩෑන්,පවුලේ අය සමග පැමිණෙන බව පවසා පිටව ගිය බවත්,අනතුරුව රාත්‍රියේ යළි පැමිණි බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ඩෑන් ප්‍රියසාද්ගේ දේහය අද (24) බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණභාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය.

– අද දෙරණ
Post Views: 59
Previous Post

ඉන්දියාව – පාකිස්ථානය යුද්ධයක් ?

Next Post

අද දවසේ කාලගුණය

Editor TTV News

Editor TTV News

Next Post
අද වහින හැටි

අද දවසේ කාලගුණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල් ඇතුළට යද්දී සුදා බේරෙයි

රනිල් ඇතුළට යද්දී සුදා බේරෙයි

22 August 2025
GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක්  – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක් – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

22 August 2025
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේදී  ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේදී ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

22 August 2025
සුදාගේ යු ටියුබ් නාලිකාවේ අවසානය අද ද ?

සුදාගේ යු ටියුබ් නාලිකාවේ අවසානය අද ද ?

22 August 2025

Recent News

රනිල් ඇතුළට යද්දී සුදා බේරෙයි

රනිල් ඇතුළට යද්දී සුදා බේරෙයි

22 August 2025
GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක්  – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක් – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

22 August 2025
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේදී  ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේදී ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

22 August 2025
සුදාගේ යු ටියුබ් නාලිකාවේ අවසානය අද ද ?

සුදාගේ යු ටියුබ් නාලිකාවේ අවසානය අද ද ?

22 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල් ඇතුළට යද්දී සුදා බේරෙයි

රනිල් ඇතුළට යද්දී සුදා බේරෙයි

22 August 2025
GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක්  – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක් – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

22 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved