ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ
නිකවැරටිය පොලිසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඔහුට එරෙහිව අධිකරණ මගින් පනවා ඇති විදෙස් ගමන් තහනමක් නිසා ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඩෑන් ප්‍රියසාද් මෙලෙස අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී තිබෙනවා.
ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගත්තේ ඇයි?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවරුම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරයෙකුට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබූ බව ය.
“2024 වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට නාන්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නිකවැරටිය පොලිස් අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. ඊට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් මෙන් ම ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග දෙකක් නිකුත් කරනු ලැබුවා.”
ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ට ජගත් නීතිඥ සංගමයෙන් පණිවුඩයක්: “අධිකරණයට අපහාස කිරීම ගැන සිර දඬුවම් පැනවීම පිළිතුර නොවේ”
ඒ අනුව, අද දින උදෑසන 6.00ට පමණ ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගෙන නිකවැරටිය පොලිස් අපරාධ කොට්ඨාසය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාර දෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.