• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිජිටල් බද්ද  අසාධාරණයිද?

28 February 2025
in දේශීය, විශේෂාංග
ඩිජිටල් බද්ද  අසාධාරණයිද?
0
SHARES
25
VIEWS
Share on FacebookShare on Twitter

රජය ඉදිරිපත් කර තිබෙන සේවා අපනයන සඳහා වන 15% ක බදු පැනවීමේ යෝජනාව නිසා අන්තර්ජාලය ආශ්‍රිත ගනු දෙනු හරහා මෙරටට ඩොලර් ආදායම් රැගෙන එන තරුණ තරුණියන් බොහෝ කලඹල වී ඇති බව මේ දින වල පෙනෙන්න තිබෙනවා.

මේ බදු පැනවීම අසාධාරණ බවට පක්ෂ  විපක්ෂ භේදයකින් තොරව විශාල විරෝධයක් ඇතිවීම විශේෂත්වයක්.

මේ වසරේ  අප්‍රේල් මස 01 වන දා සිට  විදේශීය මූලාශ්‍රයකින් ලැබෙන හෝ උපයනු ලබන  විදේශීය විනිමය මෙරට බැංකුවක් හරහා ලබා ගැනීමේ දී  එම ලාභයෙන් 15%ක බද්දක් ගෙවිය යුතු බවට රජය යෝජනා කර තිබෙනවා.

විදේශ රටවල සිට මෙරට බැංකු පද්ධතිය හරහා ගෙන එනු ලබන විදේශ මුදල් සඳහා බදු අය කිරීමක් මේ දක්වා සිදුකර තිබුණේ නැහැ.

ඒ අනුව මෙතෙක් කාලයක් බදු දැලට අසු නොවුණ  විශාල පිරිසක් හසු කරගැනීමට රජය හැකියාව ලැබෙනවා.  විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවා සපයන්නන් , වෙබ් නිර්මාණකරුවන්, වෙබ් සංවර්ධකයින්, වීඩියෝ සංස්කාරකවරුන්,  ග්‍රැෆික් නිර්මාණ කරුවන් වගේ  මාර්ගගතව විදේශීයන්ට සේවා සපයන විශාල පිරිසකට බදු ගෙවීමට සිදුව තිබෙනවා. යූ ටියුබ් වැනි වේදිකා හරහා සිදු කරන නිර්මාණාත්මක කටයුතු වලින් මුදල් උපයන් අයටද මේ බදු ගෙවීමට සිදුවෙන බව පැවැසෙනවා.

කොහොම නමුත් පසුගිය රජය සමයේ දී  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයක් විදිහට  මෙම බදු යෝජනාව ඉදිරිපත් වූ විට ජාතික ජන බලවේගය එදා ඒ සඳහා විශාල විරෝධයක් පල කර තිබුණා.

මේ ක්ෂේත්‍රය  වෙනුවෙන් රජය කිසිදු සංවර්ධන කටයුත්තකට මැදිහත් නොවී බදු අය කිරීම අසාධාරණ බව පෙන්වා දී තිබුනා. එමෙන්ම බදු පැනවීම නිසා මේ කණ්ඩායම් අධෛර්යමත් වන බවත් මෙරටට ඩොලර් රැගෙන ඒමෙන් වලකිනු ඇති බවත් පෙන්වා දී තිබුණා.

මේ තරුණ තරුණියන් තමන්ගේ සේවාවන් විදේශයන්ට විකුණා මෙරටට ඩොලර් රැගෙන එන්නේ රජය ඒ වෙනුවෙන් ලබා දී තිබෙන පහසුකම් නිසා නොවෙයි. බොහෝ  දුෂ්කරතාවයන්ට යටත්වයි ඔවුන් මෙය සිදු කරන්නේ.

කොටින්ම ලංකාවේ වේගවත් සහ පැතිරුණු අන්තර් ජාල සේවා සැපයීමක් සිදු වන්නෙ නැහැ. මේ වෙනුවෙන් ගෙවීමට වෙන මිලත් අධිකයි. ඒ සඳහා විශාල බදු පැනවීමකුත් සිදු කර තිබෙනවා.   අන්තර්ජාතික මාර්ගගත ගෙවීම් වේදිකාවන් මේ රට තුල නියමාකාරයෙන්  ක්‍රියාත්මක වෙන්නෙත් නැති තරම්. අඩු මතරමින් ‌’පේ පැල්’ වගේ ගෙවීම් හුවමාරු ක්‍රමයකටත් අවසර නැහැ.   ක්‍රිප්ටෝකරන්සි වැනි අතථ්‍ය මුදල් ගනු දෙනු තවමත් පිළිගන්නෙ නැහැ.

ඒ වගේම මෙරට සමස්ථ බැංකු පද්ධතිය තුළත් මේ මාර්ගත ආදායම් උපදවන්නන් ගැන තියෙන්නේ බරපතල සැකයක්. තමන්ගේ බැංකු ගිණුම් විස්තර සහතික කරගැනීමක් පවා නිලධාරීන් පහසුවෙන් කර දෙන්නෙ  නැහැ. ඒ තත්වයන් මත සේවා අපනයන කටයුතු දියුණු කර ගන්න බැංකු ණයක් නම් ලබා ගැනීමේ හැකියාවක් කොහොමටවත් ලැබෙන්නේ නැහැ.

මේ වගේ විදේශ විනිමය ගේන මේ ඩිජිටල් ශ්‍රම බළකායට කිසි ම පිළිගැනීමක් රට තුළ නොමැතිව තිබියදී ඔවුන් ගෙන බදු ලබා ගැනීම තුළ අසාධාරණයක් තියෙනවා කියන එක පැහැදිලියි.

නමුත් මේ බදු ආදායම් රැස් කරගන් නැතිව අද රජයට පවතින්න බැහැ. වේදිකාවේ පරණ කථා අමතක කරන්න සිදු වෙලා තියෙනවා.

කොහොම  නමුත් බදු ලබා ගැනීමේ දී රටේ  බදු ප්‍රතිපත්තිය රටේ සියලුම පුරවැසියන්ට සාධාරණ වෙන්න ඔ්න.  එක හා සමාන ආදායම් ලබන පිරිසක් අතරින්, කොටසක් පමණක් බදු ගෙවීම කරනවා නම් ඒක ආසාධාරණයි. ඒ වැරද්ද මේ රටේ තිබෙනවා.

බදු සහන ලැබිය යුතු අයට එය නොලැබී සහන නොලැබිය යුතු අයට සහන ලැබී තිබෙනවා.

එ් වගේම බදු ගෙවිය යුතු  අය එය නොගෙවා පැහැර හැරීම වෙනවා. බදු පැහැර හරින වංචනිකයන්ගේ බදු නියමාකාරයෙන් අය කර ගැනීමේ දී රජය බරපතල ලෙස අසමත්ව සිටිනවා.

එ් වගේම බදු ආදායම් වඩාත් නිවැරදිව කලමණාකරණය කර ගනිමින් පුරවැසි යහපත පිණිස එය වියදම් කිරීමේ දී රජය සෑම විටම අසාර්ථක වී ඇති බවත් රහසක් නොවෙයි.

විශේෂයෙන්ම පාඩු ලබන විශාල රාජ්‍ය ආයතන පද්ධතියක් සහ අති විශාල රාජ්‍ය සේවකයන් පිරිසක් නඩත්තු කිරීම.. අනවශ්‍ය ලෙස සහනාධාර ප්‍රමාණයක් ලබා දීම. දුෂණ වංචා නාස්තිකාර වියදම්, රජයේ අනන්‍යතාවයක් බව පත් තිබීම මේකට පැහැදිලි

උදාහරණ.

නමුත් මේ අසාර්ථකත්වයෙන්  ගැලවීමට ගන්නා උත්සාහයන්ද නැවත බදු ආදායම් නාස්ති කරමින් කරන කියන දේවල් වලට සීමා වීම් ද දකින්න තිබෙන  දෙයක්. ජනතාව මත බදු බර පටවන්න කලින් මේ මුලික ප්‍රශ්න විසඳා ගත යුතු වෙනවා.

කොහොම නමුත් වර්තමාන රජයට සිදුව ඇති ලොකුම අලකලංචිය ඔවුන් විපක්ෂයේ  සිටිය ඳී මවපු සිහින මාළිඟා  වල ඇත්ත යථාර්ථයට අද ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබීමයි.

උඳු වපුරා මුං අස්වැන්නක් බලාපොරොත්තු නොවිය හැකි සේම, ආණ්ඩුවටත් සිදුව ඇත්තේ තමන් පෙර වපුරපු ජනප්‍රිය මතවාදයන් අනුව අද යථාර්ථයට   මුහුණ දීම දුෂ්කර අභියෝගයක් බවට පත් වීමයි.

Post Views: 32
Previous Post

ලාෆ්ස් ගෑස් මිල ගැන නිවේදනයක්

Next Post

ජනපති අනුරගෙන් සැර කතාවක් !

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති අනුරට බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීමක්?

ජනපති අනුරගෙන් සැර කතාවක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved