මෙරට පදිංචි නොවන ආයතන සහ පුද්ගලයන් විසින් විද්‍යුත් වේදිකා (electronic platforms) හරහා සපයනු ලබන ඩිජිටල් සේවා සඳහා පැනවීමට නියමිතව තිබූ $18\%$ ක එකතු කළ අගය මත බද්ද (VAT) ක්‍රියාත්මක කිරීම රජය විසින් ජූලි මස 01 වනදා දක්වා යළිත් වරක් කල් දමා තිබෙනවා.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව මේ බව සඳහන් වන අතර, අදාළ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ එකතු කළ අගය මත බදු පනතට අදාළ විධිමත් සංශෝධනය සම්මත වන තෙක් මෙම බද්ද කල් තැබෙන බවයි.මෙම ඩිජිටල් සේවා සඳහා වන වැට් බද්ද මුලින්ම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් 01 වනදා සිටය. පසුව එය ගැසට් නිවේදනයක් මඟින් අප්‍රේල් 01 වනදා දක්වා කල් දැමුණු අතර, මේ වනවිට එය දෙවන වරටත් මෙලෙස ජූලි මස දක්වා කල් දමා තිබෙනවා.














