ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහා ඩීසල් එංජින් 22ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ වන විට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පැවසීය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද එම්.10 දුම්රිය එන්ජින් මාදිලියේ වැඩිදියුනු කළ එන්ජින් 20ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එංජින් 02ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ඉන්දීය දුම්රිය සේවය කැමැත්ත පළ කර ඇත.