ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ඩුප්ලිකේට් සෙව්වන්දි නොහොනත් නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය පොලිස් සැරයන්වරයෙකු සමග සබදතා පවත්වාගෙන යමින් තිබෙනවා.
ඒ හේතුවෙන් සැරයන්වරයාගේ වැඩ තහනමකට ලක් කර තිබෙන බවයි වාර්තා වුනේ.
පොලිසිය පැවසුවේ මෙම සැරයන්වරයා බිස්කට් එක දෙකට කඩාගෙන කමින් හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරුකරගෙන තිබෙන බවයි.
පසුගිය 30 වනදා රාත්‍රියේ සේවයේ යෙදි සිටියදී යි ඔහු මෙලෙස හැසිරී තිබෙන්නේ.
සැකකාරිය විසින් අඩක් ආහාරයට ගත් බිස්කට් කැබැල්ලක් සැරයන්වරයා ගෙන තිබෙනවා. එමෙන්ම ඇය රදවා සිටි සිරමැදිරිය තුල නිරන්තරයෙන් ලගා විමත් සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගැනීමත් CCTV කැමරා පරීක්ෂා කිරීමේ දි අනාවරණය වී තිබෙනවා.
ඉෂාරා සෙව්වන්දි සහ නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරියන් දෙදෙනා මේ වන විට දින 90 ක රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රඳවා සිටියි.














