ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ අගය යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.97ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 313.50ක් ලෙසත් සටහන් විය.
ප්‍රධාන වාණිජ බැංකුවල අද දින ඩොලරයේ අගය මෙසේය
බැංකුවගැනුම් මිල (රු.) විකුණුම් මිල (රු.) ලංකා බැංකුව 306.30313.30 මහජන බැංකුව 306.23312.99 කොමර්ෂල් බැංකුව 304.49313.00 සම්පත් බැංකුව 306.05313.00 අමානා බැංකුව 307.90311.90












