ජාතික ජනබලවේග රජයට එරෙහිව අද (21) නුගේගොඩ පැවැත්වීමට නියමිතව තිබු විපක්ෂ මහජන රැළිය අසල ප්‍රදේශයේ සවිකළ ශබ්ද විකාශන උපකරණ පොලිසිය විසින් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, මෙවැනි ක්‍රියා මාර්ගයෙන් තම පක්ෂය දුර්වල කිරීමට නොහැකි බවයි.
“දෙන දේ ඔවුන්ටම භාරගන්න පුළුවන්” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළ අතර, තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුවේ ඇතැමුන් දෙහිවල සහ කොහුවල ප්‍රදේශවල තණකොළ මිටි කිහිපයක් ද එල්ලා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.













