දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය මහා පරිමාණ වයින් නිෂ්පාදනාගාරයක් තණමල්විල, 19 කණුව ප්‍රදේශයේදී වටලා මුද්‍රා තැබීමට දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පසුගිය 28 වනදා සමත් විය.
මෙම වැටලීමේදී විවිධ වර්ගවලට අයත් වයින් මිලි ලීටර් 725,000ක් පමණ අඩංගු විශාල පීප්ප හතරක් සහ නිෂ්පාදනයට යොදාගත් යන්ත්‍ර සූත්‍ර ඇතුළු උපකරණ රැසක් සුරාබදු නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අදාළ ආයතනය බලපත්‍රයක් සඳහා අයදුම් කර තිබුණද, අවශ්‍ය නීත්‍යානුකූල කොන්දේසි සපුරා නොමැති බැවින් සුරාබදු දෙපාර්තමේන්තුව මෙතෙක් බලපත්‍රයක් නිකුත් කර නොතිබූ බව විමර්ශනවලදී අනාවරණය විය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමෙන් පසු, කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගය පරිදි නිෂ්පාදනාගාරය සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා ඇත. අදාළ නිෂ්පාදනාගාරයේ හිමිකරු ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් මෙම සාර්ථක වැටලීම සිදු කළහ.














