නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට (16) සිට දිවයිනේ වැසි තත්ත්වය තරමක ලෙස වැඩිවීමට හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දි තිබෙනවා.
ඒ අනුව උතුරු, උතුරු–මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් පවතිනු ඇති බවත්, දිවයිනේ අනෙක් ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සඳහන්.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු–මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයෙන් තරමක තද සුළං හමන බවද වාර්තා වනවා.
තව ද සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.














