ජාතික තරුණ සේවා සභාවේ 62 වන පුහුණු මධ්‍යස්ථානය ලෙස “තරුණ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය” පසුගියදා (09) ඇතිමලේ, විජයපුර ග්‍රාමයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට මොණරාගල දිස්ත්‍රික් අතිරේක ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයට තරුණ තරුණියන් යොමු කිරීමේ අරමුණින් පිහිටුවූ මෙම මධ්‍යස්ථානයේ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව සඳහා පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමද මෙහිදී සංකේතාත්මකව සිදු විය.













