• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

තලවකැලේට පශූ වෛද්‍ය රසායනාගාරයක් ජනතා අයිතියට පත් කිරීම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

25 December 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ඔක්ස්ෆාම් පෞද්ගලික ආයතනයේ සහයෝගීතාවයෙන් රුපියල් මිලියන 4.5ක වියදමින් ඉදිකරන ලද තලවකැලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද පශූ වෛද්‍ය රසායනාගාරය ජන අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 වනදා සිදුවිය.

තලවකැලේ කිරි ගව පාලනය, වඩා කාර්යක්ෂම අයුරින් සිදුකිරීම සදහා මෙම නව රසායනාගාරය භාවිතා කිරීමට නියමිතව ඇති අතර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රීක් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ආ.ර් ඒ ජේ යූ මාරපන මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ලංකාවේ කිරි නිෂ්පාදනයට ඉහලම දායකත්වයක් දරන නුවරඑලිය දිස්ත්‍රික්කය තුල දිනකට කිරි ලීටර දෙලක්ෂ දස දහසක ප්‍රමාණයක කිරි අස්වැන්නක් ලැබෙන බවත්, ගොවීන්ගේ දැනුම වැඩිකිරීම , පහසුකම් වර්ධනය කොට එමගින් කිරි නිෂ්පාදනය වැඩි කිරීම සදහා කටයුතු කළ යුතු බවත්, එළදෙනුන් සදහා ආහාර හා පෝෂක සුලබ කිරීමත්, ජංගම රෝග විනිශ්චය සායනවල අවශ්‍යතාව, රෝගී සතුන් සදහා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය විද්‍යාගාර පහසුකම් සැපයීම වැනි කරුණු අවධානය කොට ඇති බවත් මෙම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වෙනුවෙන් ඔක්ස්ෆාම් ආයතනයෙන් ලද සහාය අගය කරන බවත්ය.

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුල රට තුල කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සම්බන්ධයෙන් සහ ඒ ඔස්සේ දේශීය ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන් වන අවශ්‍යතාවය හදුනාගෙන ඇති බවත්, එම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා නන් අයුරින් සහාය වු සියලු දෙනාට තමාගේ ස්තූතිය පළ කර සිටින බවත් ය. නව රසායනාගාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම මහතා සදහන් කර සිටියේ යුරෝපා ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගිතාවය යටතේ ඔක්ස්ෆාම් ආයතනය මගින් මධ්‍යම පළාතේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා ලබා දෙනු ලබන සහාය අගය කර සිටින බවත් නව රසායානාගාරය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම අයුරින් සත්ත්ව පාලන කටයුතු සිදුකිරීම සදහා අවකාශ සැලසෙන බවයි.

විදේශයන්ගෙන් අප රටට පැමිණි නොයෙක් අකාරයේ වස – විස හෝ ගුණත්වයෙන් ‍තොර ආහාර පරිභෝජනයෙන් මිදි නැවත පෙර පැවති ආහාර රටාවට අනුගතව රසායනිකයන් එක් කොට සකස් කරනු ලබන ආහාර වෙනුවට දේශීය ආහාර ආදේශ කළ යුතු කාලය එළඹ ඇති බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියයේය.

 

මෙම අවස්ථාව සදහා ලිදුල ප්‍රාදේශීය සභාවේ සභාපති (වැ. බ) භාරතී දාසන් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී එස්.බී.රත්නායක,පළාත් කෘෂිකර්ම ලේකම් සුජාතා විජේසිංහ, දිස්ත්‍රීක් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ රංගන චන්ද්‍රසිරි, ඔක්ස්ෆාම් ආයතනයේ තිලක් කරුණාරත්න ඇතුළු එම ආයතනයේ සමාජිකයින් ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය.

 

මාතලේ – මහේෂ්

Post Views: 1
Previous Post

මඩකළපුව මුහුදු සීමාවේ නීති විරෝධි වැලි කැණිමක් සිදු වන්නේ නෑ – නාවික හමුදාව

Next Post

මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන දැඩි කඩිනම් ක්‍රියාමාර්ග

editor

editor

Next Post

මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන දැඩි කඩිනම් ක්‍රියාමාර්ග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved