හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ තිබෙන බව වාර්තා වනවා.
මෙලෙස යළි පැමිණි තිබුණේ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානය්
කෙසේ නමුත් අරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ගුවන්යානය යළි හොංකොං බලා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙම ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙනුයි මෙලෙස ගුවන් නියමුවා ක්‍රියා කර තිබුණේ.
එම ගුවන්යානය මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් පවතිනවා.
මෙම සිදුවීම අද (16) වාර්තා වී තිබුණේ පසුගිය 12 වනදා එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානය අනතුරට ලක්වී දින කිපයකට පසුවයි.