ගොඩ බැස්වීමකට සුදානමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මුම්බායි හි වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ මෙම සිද්ධිය සිදුව ඇති අතර ගුවන් යානය ගොඩබෑමේ දී ගුවන් පථයෙන් ඉවතට පැන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසා සිටියේ.
ඉන් ගුවන් යානයේ එංජිමට සහ පසුබස කොටසට හානි සිදුව ඇති බවත් එහි සදහන්
කෙසේවෙතත් අනතුරින් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ.
ධාවන පථයට සුළු හානි සිදු ව තිබෙන අතර, සියලු මගීන් ආරක්ෂිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටියේ.