තායිවානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 6 ක පමණ ප්‍රබල භූමිකම්පනයක් සිදුව තිබෙනවා.
මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20 ක් (සැතපුම් 12) පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112 (සැතපුම් 70) ක් ගැඹුරින් වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසා සිටියේ
කෙසේ වෙතත් තායිවානය නිරන්තරයෙන් භූ කම්පන වලට මුහුණ දෙන රටක්
භූ කම්පනය හේතුවෙන් මෙතෙක් කිසිදු හානියක් සිදුව නොමැති බවයි තායිවානයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ,