පැසිපික් සාගරයේ ෆීජි දූපත් රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කරන්නේ රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බවයි.
එරට වේලාවෙන් අද (14) පෙරවරු 8.00ට පමණ මෙම භූකම්පනය හටගෙන තිබෙනවා.
භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.