හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඉංගිරිය පොලීසිය පැවසුවා.
පෞද්ගලික බස් රථයේ හොරණ දෙසට පැමිණෙමින් සිටියදී හා කුඩා ලොරිය ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර වී තිබුණි.
තුවාල ලැබූවන් අතර ලොරියේ රියදුරු සහ සහායකයාද වන බව පොලීසිය සඳහන් කර සිටියා.
තුවාල ලැබූවන් ඉංගිරිය දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි ලොරි රියදුරු සහායක ඇතුළු පාසල් සිසුන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙන බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කර සිටියේ.