ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් සිදුව තිබෙනවා.
රාවණා දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී තිබෙන්නේ.
ත්‍රිරෝද රථයේ හය දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් ඔවුන් තුවාල ලබා තිබෙනවා.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර ප්‍රතිකාර ලැබීම සදහා දෙමෝදර සහ බණ්ඩාරවෙල යන රෝහල්වලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වුණේ.
ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් පැවසුවේ අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරන බවයි.