අද (21) අලුයම 5ට පමණ තවත් බිහිසුණු බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුව තිබෙන්නේ කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනුයි.
සිද්ධියෙන් පුද්ගලයින් 21 දෙනෙකු පමණ පිරිසක් තුවාල ලබා තිබෙනවා.
වේරගොඩැල්ල සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ කෑගල්ල සිට රත්නපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එලෙස එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසා සිටියේ.
තුවාලකරුවන් මේ වනවිට කෑගල්ල සහ වරකාපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.