අද (22) දින මාරාන්තික අනතුරක් සිදුව තිබෙනවා.
ප.ව 1.30ට පමණ පිළියන්දල බයිපාස් පාරේ මහරගම පාර කලර් ලයිට්ස් ඉදිරිපිට දීයි මෙම රිය අනතුර සිදුවි තිබෙන්නේ.
මාර්ගයේ ගමන් ගත් ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙනුයි මෙලෙස අනතුර සිදුවි තිබෙන්නේ.
ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ අනතුරින් ජීවිත හානි කිසිවක් සිදු නොවී ඇති නමුත් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයාට ඉතා දරුණු ලෙස තුවාල වී ඇති බවයි.