පානදුර, හිරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
අදාළ සිද්ධියෙන්ල පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු යි
බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (29) අලුයම එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.