පානදුර, පින්වත්ත පොලිස්බල ප්‍රදේශයේ මාදුපිටියේ පිහිටි ඇඟලුම් ශාලාවක් අසල නිවසකට ඊයේ (25) පස්වරුවේ වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.
සිද්ධිය සිදු වූ ස්ථානයේ උණ්ඩු කොපු 10ක් පමණ තිබී සොයාගෙන තිබෙන අතර පොලීසිය සඳහන් කළේ මි.මී. 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැකකරන බවයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ තුවාල සිදු වී නොමැති බව වාර්තා වනවා.