• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රීපෝෂ අඛණ්ඩව ලබාදීම ප්‍රමුඛ අරමුණක්

17 December 2024
in දේශීය
ත්‍රීපෝෂ අඛණ්ඩව ලබාදීම ප්‍රමුඛ අරමුණක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ළදරුවන්ට හා මවුවරුන්ට ඉහළම පෝෂණ ගුණයෙන් පරිපූර්ණ, සුව ගුණ සපිරි ත්‍රීපෝෂ අතිරේක  ආහාරය  අඛණ්ඩව ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කරනු ලැබුයේ ලෝක ආහාර වැඩසටහනේ (World Food Programme) මෙරට නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ කළමණාකාරීත්වය සමග‍ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දීය.

ත්‍රීපෝෂ ප්‍රතිලාභීන් වන ළදරුවන්ට, ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට ත්‍රීපෝෂ අතිරේක ආහාරය ලබාදීමේ වැඩසටහන වඩාත් ඵළදායීතාවයෙන්, විධිමත්ව, කාර්යක්ෂමව සහ සෞඛ්‍යාරක්ෂිතව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙහිදී ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

නව රජයේ “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනූව “පෝෂණයෙන් පිරුණ ළමා පරපුරක්”  ව්‍යාපෘතිය යටතේ අවශ්‍යතා ඇති පවුල් සදහා පෝෂ්‍යදායී ගුණාත්මක ආහාර ලබාදීමේ රජයේ ප්‍රමුඛතා වැඩපිළිවෙලට අනූව ආහාර නිෂ්පාදන ආයතන වල ආයතනික හා යටිතල පහසුකම් හදුනාගනිමින් පවතින ගැටලු වලට කඩිනමි විසදුම් ලබාදෙමින් ඉදිරි සැළසුම් ක්‍රියාත්මක කිරීම අරමුණ කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විනි.

ත්‍රීපෝෂ නිෂ්පාදනය කිරීම සදහා යොදා ගැණෙන මූළික අමුද්‍රව්‍යයන් වන බඩඉරිගු සහ සෝයා බෝංචි නිසි ප්‍රමිතියෙන් යුතුව අඛණ්ඩව අතිරික්තයකින් තොරව ත්‍රීපෝෂ නිෂ්පාදන ආයතනයට ලබාගැනීම, වාර්ෂිකව රටට අවශ්‍ය වන ත්‍රීපෝෂ ප්‍රමාණය උපරිම ධාරිතාවයෙන් ආයතනය තුළ නිෂ්පාදනය කිරීම, ඊට අදාළ කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර වල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම ආදී කරුණු සම්බන්ධව ගතයුතු ඉදිරි පියවරයන් පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

ශ්‍රී ලාංකේය ජනතාව මන්දපෝෂණයෙන් තොර සෞභග්‍යමත්, අභිමානවත්, නිරෝගීමත් පෝෂිත‍ ජාතියක් බවට පත්කිරීමේ  දැක්මෙන් යුතුව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම ආරම්භ කල බවත්, එම ප්‍රමුඛ අරමුණ පෙරදැරිව අප සියලු දෙනා කටයුතු කලයුතු බවත්,  නොමිලේ ලබාදෙන මෙම පෝෂණ අතිරේක ආහාරය ඉහළම පෝෂණ ගුණයෙන්   පරිපූර්ණව,  ඉතා පිරිසිදුව, විශ්වාසණීයව, ගුණාත්මකව ලබාදීම සියලු දෙනාගේ වගකීමක්  මෙන්ම යුතුකමක් බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

ලෝක ආහාර වැඩසටහන මෙරට ළදරුවන්ගේ, මව්වරුන්ගේ හා පාසල් දරුවන්ගේ මෙන්ම ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නංවීම සදහා සිදුකරගෙන යන ව්‍යාපෘති පැසසුමට ලක්කල අමාත්‍යවරයා, මෙරට පාසල් වල ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙණුම ලබන දරුවන්ට ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙලට ලෝක අහාර වැඩසටහන දක්වන අනුග්‍රහයට සිය කෘතවේදීත්වය ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව ආහාර සුරක්ෂිතතාවය හා ගුණාත්මකභාවය සහතික කිරීම සදහා විධිමත් යාන්ත්‍රනයක අවශ්‍යතාවය පිළිබදවත්, පාසල් දරුවන්  ඉලක්ක කරගෙන සිදු කිරීමට නියමිත ආහාර වැඩසටහන පිළිබදවත්  ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිතයන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැනුවත් කිරීමටද මෙහිදී පියවර  ගත්තේය.

Post Views: 25
Previous Post

කොටස් වෙළඳපොළ වාර්තා අලුත් කරයි

Next Post

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු ජයකොඩි සිය උපාධිය ගැන කියයි

Editor TTV News

Editor TTV News

Next Post
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු ජයකොඩි සිය උපාධිය ගැන කියයි

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු ජයකොඩි සිය උපාධිය ගැන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved